තීක්ෂණ කිරිඇල්ල
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 42 කට විරුද්ධව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයක් පත් කර තිබෙනවා.
මෙය ජනසමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ ඝාතනයක් බැවින් නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.
පසුගිය වසරේ (2022) මැයි 9 හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ විත්තිකරුවන් 42 කට විරුද්ධව මෙම නඩුව පවරා තිබෙනවා. මෙම චෝදනා ලද විත්තකරුවන් අතුරින් පස් දෙනෙකු ඇප මත මුදා හැර තිබෙන අතර 37 දෙනෙකු තවමත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙනවා.