බණ්ඩාරවෙල දූගොල්ල අශෝක විද්‍යාලයේ සිසුන් 30කට අධික ප්‍රමාණයක් හදිසියේ රෝහල්ගත කළ බව වාර්තා වනවා.
ඒ ආහාර විෂවීමක් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.
අද (11) දින උදෑසන මෙම සිසුන්ට ආසාත්මිකතා හට ගෙන තිබෙන අතර ඔවුන් බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එමෙන්ම කිසිදු දරුවකුගේ තත්ත්වය බරපතල නොවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.