ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති ක්‍රිකට් අත්හිටුවීම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. ඒ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
ද්වේෂ සහගතව මෙරට ක්‍රිකට් තහනම් කළේ ඇයි දැ යි එමගින් විමසන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් හෝ අතපෙවීම් කර නැතැයි පැවසූ අමාත්‍යවර මුළු පාර්ලිමේන්තුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලකයන් ගෙදර යා යුතු බව එකහෙළා අනුමත කළ බවද වැඩිදුරටත් කියා සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුද්ද කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසනවා.