කොළඹ විශාල වශයෙන් මගී ගමනාගමනය සිදු වන මාර්ග දෙකක් වන 174 කොට්ටාව- බොරැල්ල සහ 255 කොට්ටාව-ගල්කිස්ස පෞද්ගලික බස් සේවා පසුගිය දිනවල වර්ජනයක නිරත වුණා. මෙයින් මගීන් බලවත් අපහසුතාවට පත් වුණා.
මෙම මාර්ග ආවරණය වන ලෙස සුඛෝපභෝගී බස් සේවාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමිනුයි මේ වර්ජනය දියත් කර තිබුණේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පවසා සිටියේ නෛතිකව නිවැරදි පියවර අනුගමනය කරමින් මෙම බස් සේවාව ආරම්භ කර ඇති බවයි. එහි සභාපතිවරයා තවදුරටත් ප්රකාශ කළේ කිසිදු හේතුවක් මත මෙම සුඛෝපභෝගී බස් සේවාව නතර නොකරන බවයි.
කෙසේ වෙතත් මේ වෙද්දී, පෞද්ගලික බස් සේවා සුපුරුදු පරිදි ක්රියාත්මකව පවතිනවා. වර්ජකයන්ගේ ඉල්ලීම ඉටු කර ගැනීමට නොහැකිව පරාජයට පත් වුණා.