මට ලොකු ලැජ්ජාවක් ඇති වුණා!

හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පසුගිය 11 වැනි දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා රූ රැජින තරගයේදී තමන් දිනූ කිරුළ බලහත්කාරයෙන් ඔළුවෙන් ඉවත් කළ විට ලෝකය හමුවේ ඉතාම ලැජ්ජාවට පත් වූ බවයි.

නෙළුම් පොකුණ රඟහලේ පැවති Mrs Sri Lanka 2021 තරගයේ රූ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා තේරි පත් වුණා.ප්‍රධාන වේදිකාවේ දී කැරොලයින් ජූරි විසින් ඇගේ කිරුළ උදුරාගත්තා.

සමථ මණ්ඩලයේ දී කැරොලයින් ජූරි විසින් සමාව ඉල්ලා ඇති අතර එයට පුෂ්පිකා එකඟ වී නෑ. දෙපාර්ශ්වය සමථයකට පත් නොවූ නිසා අධිකරණයට පැමිණ තිබෙනවා.

මේ සිද්ධියේ විත්තිකාරියන් වන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්‍ද්‍ර නඩුවට පැමිණ සිටියා.

පුෂ්පිකා ද සිල්වා වැඩිදුරටත් සාක්කි දෙමින් කියා සිටියේ මිසිස් වර්ල්ඩ් 2021 තරගයට ඇතුළත් වීමට සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී සත්‍ය තොරතුරු ඉදිරිපත් කර සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වී අවසන් තරගය පැවැති 2021 අප්‍රේල් 4 වැනිදා තරගයට සහභාගි වූ බවයි.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය සැප්තැම්බර් 24 වැනිදාට කල් තැබූ අතර සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles