මාස 4ට 709 ක් මරුට!

ජනවාරි 01 සිට අප්‍රේල් 30 දක්වා මාස සතරක කාලයේ දී රිය අනතුරුවලින් 709 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

වැඩිම මරණ ප්‍රමාණය වාර්තා වන්නේ, යතුරු පැදි අනතුරුවලින්. එය 220ක්. දෙවැනිව වැඩිම මරණ වාර්තා වන්නේ ත්‍රීරෝද රථ අනතුරුවලින්. මිය ගිය පදිකයන් ගණන 179ක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම කාලය තුළ බරපතළ අනතුරු 2160ක් ද සුළු අනතුරු 3201 ක් ද සිදුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles