එළැඹෙන වසර මැතිවරණ වසරක් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා. එම වසරේ දී ජනාධිපතිවරණය, මහමැතිවරණය සහ පළාත් සභා මැතිවරණය යන මැතිවරණ තුනම පැවැත්වෙනු ඇති බවයි ඔහු කියා සිටින්නේ.
වත්මන් ජනපතිවරයා ජනාධිපතිවරණයට තරග කරන බව පැවසූ ඔහු, සමගි ජනබලවේගයේ පිරිස් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් දැනටමත් එජාපය සමඟ එකඟතාවන්ට පැමිණ ඇති බව වැඩිදුරටත් සඳහන් කරනවා. එම පිරිස් එජාපය සමඟ එක්ව මහමැතිවරණයට තරඟ වදිනු ඇති බව ද ඔහු පවසනවා.
උද්ධමනය අඩු වුවද භාණ්ඩ මිල අඩු වී නැති වීම ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට වැඩපිළිවෙලක් හඳුන්වා දිය යුතු බවත් එජාප නියෝජ්‍ය නායකවරයා කියා සිටියා. ඒ දොම්පේ ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගි වෙමින්.