මාතර පොලිස් බල ප්‍රදේශයේ සම්බෝධි මාවත, පල්ලිමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසකට ඊයේ (14) අලුයම් කාලයේ දී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
ඒ වෙඩි තැබීම සිදු කර ඇත්තේ විදේශ ගතව සිටින පාතාල කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත බවයි පොලීසිය පවසන්නේ .
9MM වර්ගයේ පිස්තෝලයකින් වෙඩි පහර 05ක් තබා සැකකරුවන් පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
වෙඩි පහර, නිවසේ තිබූ මෝටර් රථයට, ත්‍රිරෝද රථයට හා නිවසේ බිත්තියට වැදී ඇති අතර, කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බවයි වාර්තා වෙන්නේ.
මෙම වෙඩි තැබීමට හේතුව 2010 වර්ෂයේ දී සිදු වූ සිදුවීමක් බවට පොලීසිය හෙළිදරව් කරගෙන ඇති අතර ඒ කැකනදුර ප්‍රදේශයේ පදිංචි ව සිටි රංගන නමැති පුද්ගලයෙකු, කැකනදුර නීල් නමැති පුද්ගලයෙකු විසින් ඇල්ලකන්ද රක්ෂිතයට රැගෙන ගොස් පහර දී ඝාතනය කර පුළුස්සා දැමූ සිද්ධියක් මුල් කරගෙන බවයි පොලීසිය පවසන්නේ.
පොලීසිය සඳහන් කරන්නේ, එම සිද්ධියේ නඩුකටයුත්තක් සඳහා සැකකරුට විරුද්ධව සාක්ෂි ලබා දීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. වැඩිදුර පරික්ෂණ මාතර පොලීසිය විසින් සිදු කරනවා.