ගජේන්ද්‍රන්ට පහරදුන් 06 දෙනෙක් රිමාන්ඩ්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට හා තිලිපන් සැමරැම් රථ පෙලපාලියට ඊයේ (17) ත්‍රිකුණාමලය සර්ධාපුරදි පහරදිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතළු හය දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය වු ස්ථානයේ ලබාගත් ඡායාරූප හා විඩියෝ දර්ශන පදනම් කර ගනිමින් මෙම අත් අඩංගුවට ගැනිම සිදු කර තිබෙනවා.

පහර කෑමෙන් පසුව රථ පෙල ආපසු හරවා ගෙන තඹලගමුව දෙසට ගොස් මන්ත්‍රී සෙල්වරාසා ගජේන්දුන් මහතා දුරකතයෙන් පොලිස්පතිවරයාට දුරකතයෙන් පැමිණිලි කිරිමෙන් පසුව ත්‍රිකුණාමලය සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් තඹලගමුවට පැමිණ මත්ත්‍රිවරයාගේ පැමිණිල්ල සටහන් කරගැනිමෙන් පසුව අදාල පරික්ෂණ කටයුතු පොලිසියට භාර දී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් හයදෙනාම සැප්තැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

පහරදිමට සම්බන්ධ තවත් සැකකරැවන් පිරිසක් සොයා පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles