ප්‍රියා සූරියසේනගේ අබලන් තාප්පය සිසුවෙකු මතට කඩා වැටෙයි : කිහිපවරක් කිව්වත් ගණනකට අරන් නෑ

නාවින්න විජේරාම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක වැසිකිළියක් මතට ඊයේ (16) දිනයේ අබලන් තාප්පයක් කඩා වැටී 09 හැවිරිදි සිසුවෙකු තුවාළ ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහල්ගත කර තිබුණා.

දරුවාගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තාප්පය ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේනට අයත් එකක් බව වාර්තා වුණා. අබලන් තාප්පය සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස විදුහල්පතිවරයා ප්‍රියා සූරියසේන වෙත කිහිප වාරයක් දැනුම් දුන්නද ඔහු පියවරක් නොගෙන නොසලකා හැර තිබෙනවා.

මෙම නොසලකා හැරීම් නිසා අවසාන වශයෙන් විදුහල්පතිවරයා විසින් වසමේ ග්‍රාමසේවකවරයා හරහා දැනුම් දී තිබුණත් එයටද ගායකයා ප්‍රතිචාර දක්වා නැති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles