ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගෙන් රුපියල් බිලියන 10ක පගාවක් ඉල්ලා ඇතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසා තිබෙනවා. ධම්මික පෙරේරා වෙත එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දුන්නේද බැසිල් රාජපක්ෂ විසින් රුපියල් බිලියනයක් ලබාගෙන බවයි එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ.
මේ බව ඔහු සඳහන් කර තිබෙන්නේ, මහනාහිමිවරුන් බැහැ දැකීමට මහනුවරට ගිය අවස්ථාවේදීයි.
කෙසේ වෙතත් ධම්මික පෙරේරා ජනාධිපතවරණයට ඉදිරිපත් වන බව මේ වන විට දැනුම් දී අවසන්. ඒ වෙනුවෙන් තමා කටයුතු කරන බව පසුගිය දා ඔහු පවසා තිබුණා. එසේම පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂද සිය අපේක්ෂයා ගැන පවසද්දී ධම්මික පෙරේරාගේ නමත් සඳහන් කරනු ලැබුවා.