මැතිවරණ කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයන් රැසක් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක මේ දිනවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම අපේක්ෂකයින් මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට ම ගොස් තමන්ට සහාය දක්වන ලෙසට ආරාධනා කර ඇති බවත් මුදල් සහ වෙනත් ත්‍යාග සහ වරප්‍රසාද ලබාදෙන බවටත් පොරොන්දු ලබාදී ඇති බවයි එම ආරංචි මාර්ගවලින් තව දුරටත් සඳහන් වන්නේ.
සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ නිවෙසට පසුගිය දිනවල වරින් වර පැමිණ ඇති ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු තමන්ට සහාය දැක්වීම සඳහා ඡන්ද වේදිකාවට එක්වන ලෙසට ආරාධනා කර ඇති බවත් ඉන් එක් අපේක්ෂකයකු ඩයනා ගමගේට රුපියල් කෝටි 10 ක ලන්සුවක් යෝජනා කර ඇති බවත් වාර්තා වෙනවා.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම් ගමගේ තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි පැවසෙන්නේ