මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ දී ඖෂධ අසාත්මිකතා හේතුවෙන් මරණ 10ක් සිදුවීම සාමාන්‍ය තත්වයක් දැ යි සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියා සිටිනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන යන අයගේ උපදෙස් මත ඖෂධ භාවිතය නිසා රෝගීන් මියයෑම සම්බන්ධයෙන් කමිටුවක් පත්කර එහි වාර්තාව අමාත්‍යාංශයට භාරදී පැය 48 ක් යෑමටත් පෙර තවත් රෝගී මරණයක් ගම්පහ රෝහලින් වාර්තාවී ඇතැයි පවසන ඔහු, මෙය කිසිසේත්ම සාමාන්‍ය තත්වයක් නොවන බවයි පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශය වහා මේ ගැන පැහැදිලි කිරීමක් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.