අයිස් මත්ද්‍රව්‍යට මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම නිසා මාසයක් ඇතුළත දිවි නසා ගන්නා පුද්ගලයන් 10කගේ පමණ මරණ පරීක්ෂණ සිදු කර ඇති බව කොළඹ නාගරික අතිරේක මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර පවසනවා.
මේ පිරිස වයස අවුරුදු 30-50ත් අතර අය බවයි ඇය පවසන්නේ. එසේ ම මත්කුඩුවලට ඇබ්බැහි වූවන් පෙනහළු ආශ්‍රිත රෝගවලින් මිය යෑමේ වැඩි ප්‍රවණාත්වක්ද ඇය නිරීක්ෂණය කර තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය ගැනීමට ඇබ්බැහි වූ අය වසර 2-3 අතර කාලයේ මිය යෑමේ තත්වයක් ඇති බවත් පාසල් දරුවන්ද ඊට ඇබ්බැහි වන තත්වයක් පෙනෙන බැවින් ඒ ගැන දෙමව්පියන්ට විශේෂ අවධානයක් දක්වන ලෙසද ඈ ඉල්ලා සිටිනවා.