ලොකු ළූනු 1000 පනින ලකුණු

ඉදිරි දින දෙකක් හෝ උපරිම දින තුනක් සඳහා පමණක් ආනයනික ලොකු ලූනු තොග තිබෙන බවත් ඊට හේතුව පාකිස්තානය සිය අපනයන සීමා දැඩි කිරීම හේතුවෙන් ලූනු ආනයනය ඇනහිටීම බවත් කොළඹ ලොකු ළූනු ආනයනකරුවෝ පවසනවා.

ඉන්දියාව සිය අපනයන සීමා පනවා මාස කිහිපයක් ගතවී ඇති අතර ඊට විකල්පයක් ලෙස පකිස්තානයෙන් ළූනු ආනයනය සිදු කළ බවත් මේ වන විට එරට ළූනු තොග ද අවසන්වීමෙන් අපනයන සීමා තර කර ඇතැයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

මසකට මෙට්‍රික් ටොන් 50,000ක් වශයෙන් සීමිත වශයෙන් බංග්ලාදේශයට සහ ඩුබායි සඳහා ඉන්දියාව ළූනු අපනයන කරන බවද එය රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් මත සිදුවන්නක් බවත් ශ්‍රී ලංකා රජයට ද එසේ මැදිහත් වී ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ හැකි බව මෙන්ම මේ පිළිබඳ රජයෙන් කිහිපවිටක දී ම ලිපි මගින් ඉල්ලා සිටි

බවත් කොළඹ ලොකු ළූනු ආනයන වෙළෙන්දෝ පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles