මාස 6ට රිය අනතුරු මරණ අතිවිශාල ගණනක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූවට අනුව 2023 වසරේ ජූලි 15 වැනිදා වන විට බස් රථ අනතුරු 137ක් වාර්තා වී තිබෙනවා.

ජූලි 10 වැනිදා වන විට රිය අනතුරු 1135ක් සහ රිය අනතුරු හේතුවෙන් මරණ 1202ක් වාර්තා වී ඇති බව ඔහු තවදුරටත් පවසනවා.

රිය අනතුරු අතරින් 2088 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර 4450 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles