වතුකරයේ කම්කරු ජනතාවට නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ තවත් අදියරක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරිම ජනාධිපති ලේකම් කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණා.
එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වී ඇති අතර මෙම සිව්වන අදියර යටතේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක් පුරා නිවාස 1300ක් ඉදිකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.