ඉත්තෑපාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගත් චෝදනාවට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එම නිළධාරීන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යගිරල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවත් පැමිණිලිකරුගේ රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට සහ බලපත්‍රය නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් ද යන්න පරීක්ෂා කර බලා නීතිමය කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ මුදල ලබාගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල ලබාදීම යන චෝදනා වලට මෙම නිළධාරීන්ව අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් අද (27) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.