පසුගිය සතියේ උතුරු නැගෙනහිර මළවුන් ස්මරණ උත්සවවලින් පසු ත්රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ශබ්ද විකාශන යන්ත්ර ගෙන පියාට උපකාර පිණිස ගිය අවුරුදු 18ක පාසල් සිසුවකුද ඇති බවයි පැවසෙන්නේ.
මෙම සිසුවා ලබන වසරේ උසස් පෙළ සඳහා පෙනී සිටීමට නියමිත බවද පාසල විසින් ලිපියකින් දන්වා තිබෙනවා. එසේ ම රතු සහ කහ කොඩි ගෙනයෑම, විදුලිජනක යන්ත්ර කුලියට ගැනීම වැනි හේතු මතද කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී සංකියන් රාසමානික්කම් ට්වීටර් පණිවිඩයකින් දන්වා ඇත්තේ, කේක් ගෙඩියක් අලෙවි කිරීම මත බේකරි සේවකයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි.