විශේෂඥ වෛද්‍යවරු 120ක්, සරසවි ආචාර්යවරු 122ක් රහසිගතව රට හැර ගිහින්

පසුගිය වසර එකහමාරක කාලය තුළ විදේශ පුහුණුව ලබාගෙන මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263කින් 120 දෙනෙකු රහසිගතව විදේශගත වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරනවා. මේ 120 දෙනා අතරින් 11 දෙනෙකු නිර්වින්දන වෛද්‍යවරු බවයි පැවසෙන්නේ.

ඒ අතර විදේශ විශ්වවිද්‍යාල වෙත වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් පිටත් වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 122 දෙනෙක්ද සිය ගිවිසුම් කඩකරමින් නැවත සේවයට වාර්තා කිරීම පැහැර හැර තිබෙනවා. මෙයින් වැඩි පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ ආචාර්යවරු බවයි වාර්තා වන්නේ. ගිවිසුම් කඩ කිරීම් හේතුවෙන් මේ පිරිසගෙන් අය විය යුතු මුදල්ද අයකරගෙන නැති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) කළ විමර්ශනයකදී අනාවරණය වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles