ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් 131 දෙනෙක් දුෂණයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.
අද (10) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර කියා සිටියේ, ඒ අතුරින් දරුවන් 10 දෙනෙක් මේ වනවිට ගර්භණීභාවයට පත්ව ඇති ඇති බවයි. මෙය ඉතාම භයානක තත්වයක් බව එම කාර්යාංශය පෙන්වා දෙනවා. මෙවැනි අඩුවයස් මව්වරුන් නිසා මවගේත් දරුවාගේත් ජීවිත අවදානම් ප්‍රතිශතය ඉතා වැඩි බවයි පැවසෙන්නේ.
සැප්තැම්බර් මාසයේ දී ද 16 ට අඩු ගැහැනු දරුවන් 168 දෙනෙක් දුෂණයට ලක්ව ඇති බවත් ඒ අතුරින් 22ක් ගැබ් ගෙන ඇති බවත් ඒ අතර වාර්තා වුණා.