රනිල් ඇවිත් මාස 14යි – විදුලි බිල 414% කින් වැඩිවෙලා

රනිල්‌ වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණි මාස 14 ට විදුලි බිල 414% කින් ඉහළ දමා ඇති බව අන්තර්‌ සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසනවා.

මේ වන විට ජනතාව දැඩි ජීවන අරගලයක හිරවී ඇති බැවින්‌ මෙවර අය-වැයෙන්‌ සියලුම සේවකයන්ට රැපියල්‌ 20,000ක වැටුප්‌ වැඩි කිරමක්‌ කරන ලෙස බලපෑම් කරන බවත්‌ ඒ වෙනුවෙන්‌ නොවැම්බර්‌ 03දා පාර්ලිමේන්තු වටරවුමට පැමිණ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක්‌ ගන්නා බවත්‌ හෙතෙම ප්‍රකාශ කළා.

ඊට අමතරව නොවැම්බර්‌ 8 වැනිදා සියලුම වෘත්තීය සමිති රැස්වීම් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිත බවයි වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ.

මෙම රැපියල්‌ 20,000ක වැටුප්‌ වැඩි කිරීම නොකළහොත්‌ රට පුරා වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද, සමරසිංහ වැඩිදුරටත්‌ පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles