පසුගිය වසරේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ ප්‍රභූ ආරක්ෂක වියදම් රුපියල් කෝටි 583ක් දක්වා වැඩි වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
එමෙන්ම ප්‍රභූ ආරක්ෂක සේවය වෙනුවෙන් පසුගිය 2018 වසරේ සිට 2022 වසර දක්වා කාල පරිච්ඡේදයේ දැරූ වාර්ෂික සාමාන්‍ය වියදම රුපියල් කෝටි 434 ක් බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
ඒ අනුව ප්‍රභූ ආරක්ෂාව සැලසීමට අදාළව පොලිස්පතිගේ චක්‍රලේඛයට පරිබාහිරව අනුයුක්තව සිටින නිලධාරීන් වෙනුවෙන් ගෙවා ඇති වැටුප් හා දීමනා වියදම පිරිමැසුම්දායක නොවන බවට නිරීක්ෂණය වී ඇති බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙනවා.