2004 වසරේ සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් මිය ගිය පුද්ගලයන් 137 දෙනෙකුගේ සිරුරු කොටස් ගාල්ල කරාපිටිය රෝහලේ තවමත් තබා ඇතැයි එම පීඨයේ අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පුද්ගලයන්ගේ අනන්‍යතාව තවමත් තහවුරු කරගෙන නැති අතර මෙම කොටස් පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බවයි එම පීඨය පවසන්නේ.
සුනාමි ව්‍යසනයෙන් මාස නවයක පමණ කාලය තුළ තෙල්වත්ත සහ පැරෑළිය කඩොලන, වගුරුබිම්වලින් මෙම කොටස් හමු වී ඇතැයි මහාචාර්ය යූ.සී.පී. පෙරේරා සඳහන් කරනවා.