ක්‍රිකට් ගිණුමෙන් ඩොලර් මිලියන 2ක් අදින්න යයි : රොෂාන්ගෙන් හෙළිදරව්වක්

ලංකා බැංකුවේ නිදහස් චතුරශ්‍රයේ ශාඛාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් උත්සාහ කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද(09) පාර්ලිමේන්තුවට පවසනවා.

එම නිසා මෙම ක්‍රියා නතර කර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ විදේශ ගමන් බලපත්‍ර රාජසන්තක කිරීමට මැදිහත් වන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

එසේම ඊට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අත්හිටුවන ලෙස සියලුම බැංකුවලට උපදෙස් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හරහා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles