නීතිපති දෙපාර්තමේන්තුවේ 2ක් ගජමුතු විකුණන්න යද්දී දැලේ

ජා-ඇල වැලිගම්පිටියේදී සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී වටිනා ගජමුතුවක් ළඟ තබාගෙන අලෙවි කිරීමට සූදානම්ව සිටි දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දෙදෙනා දිගු කලක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු අය බවයි වාර්තා වන්නේ.

සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා, රත්නපුර සහ මහියංගණ පදිංචිකරුවන් බව හෙළිදරව් වී ඇති අතර ගජමුතුව රුපියල් ලක්ෂ 63කට අලෙවි කරන්නටයි වෑයම් කර ඇත්තේ.

ජා-ඇල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුව ගැනීම සිදු කර තිබෙනවා. ඔවුන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles