ගම්මාන දෙකක් ඇන කොටා ගනී – 23ක් රිමාන්ඩ්

යාපනය කෝපායි පොලිස් වසමේ මත්ති ප්‍රදේශයේ ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුමක් දුරදිග යාම හේතුවෙන් එම දේපාර්ශවයේ කාන්තාවන් තිදෙදෙනෙකු ඇතුලු 23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා නියෝග කර තිබෙනවා.

මත්ති ප්‍රදේශයේ ගෙවී ගිය දින 3 ක කාලය තුලදී අවස්ථා කිහිපයකදීම ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුම් හේතුවෙන් දේපල හානි රැසක් සිදුව තිබුණා.

පසුව ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුම ප්‍රචණ්ඩත්වයෙන් පැවතීම හේතුවෙන් කෝපායි පොලීසියද එම් ස්ථානයට ගොස් තත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබූ අතර දෙපාර්ශවයේම පොලිස් රජකාරියට හා මහජන සාමයට බාධාකරමින් නොසන්සුන්ව ක්‍රියාකල කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට කෝපායි පොලීසිය පියවර ගෙන තිබුණා.

එහිදී යාපනය මහෙස්ත්‍රාත් වරයා විසින් පොලිස් වාර්ථා අධීක්ෂණය කොට අත්අඩංගුවට පත් පිරිසට දැඩි සේ අවවාද කොට එම පිරිස ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබෙනවා.

මෙම ගම්මානයේ දෙපාර්සවයන් මීට පෙරද මෙලෙසින්ම ගැටුම් ඇතිකරගෙන ඇති අතරම ඉඩම් ආරවුල් හේතුවෙන් මෙලෙස නොසන්සුන් වන බවටද පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles