ඊයේ දිනයේ බෙන්තොට, කෝම්මල ප්‍රදේශයේ පිහිටි හෝටලයක නාන තටාකයට වැටුණු දරුවෙකු බෙන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ වන විට දරුවා මිය ගොස් ඇති බවයි බෙන්තොට පොලිසිය පවසන්නේ.
මිය ගිය බිළිඳා වයස අවුරුදු දෙකක් වූ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි යුවළකගේ වන අතර ඔවුන් සමඟ හෝටලයේ නවාතැන් ගෙන සිට තිබෙනවා. දරුවා පෙනෙන්නට නොමැති බැවින් සොයා බැලීමේදී දරුවා නාන තටාකයේ වැටී සිටියදී හමු වී තිබෙනවා.
බෙන්තොට පොලිසියෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.