වන සතුන්ගෙන් වන වගා හානි නිසා වසරකට රුපියල් බිලියන 17-20ත් අතර පාඩුවක් සිදු වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා ආරක්ෂා කර ගැනීමට ගොවීන්ට වායු රයිෆල් ලබා දීමේ වැඩසටහන් සඳහා සහභාගී වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව පැවසුවා.
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සියයට 50 ක ණය සහන පදනමක් මත මෙම වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙහිදී එම වායු රයිෆල් වල වටිනාකමින් සියයට 50ක් රජය විසින් දරන අතර ඉතිරි සියයට 50 ගොවීන් විසින් ගෙවිය යුතු වනවා.
ආර්ථික බෙලහීනතාවයෙන් බැට කන ශ්‍රී ලංකාව වැනි රටක වසරකට රුපියල් බිලියන 20ක් පමණ වන සතුන් නිසා හානි වීම මහත් කණගාටුවට කරුණක් බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් පවසනවා.