කොටවිල, වැලිගම පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නිවසේ කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා සහ බිරිඳ කසිප්පු පෙරීමට භාවිතා කරන උපකරණ සහ කසිප්පු බෝතල් 20ක්ද ගෝඩා ලීටර් 60කට ආසන්න ප්‍රමාණයක් සමගිනුයි පොලිස් භාරයට ගෙන ඇත්තේ.
සැකකරු පසුව පාපෝච්ඡාරණය කර ඇත්තේ වැලිගම පොලිසියේ නඩු දාහතරක්, මාතර පොලිසියේ නඩු තුනක් සහ කොටවිල පොලිසිය විසින් පැවරූ නඩු තුනක් ඇති බවයි.
කෙසේ වෙතත් මොහුගේ දියණියක් සුරාබදු නිලධාරිනියක් බව ද හෙළි වී තිබෙනවා.