වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති මන්ත්‍රීවරුන් 20 දෙනෙක් වෙත යළි සිහි කැඳවීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
සෑම වර්ෂයකම ජුනි 30 වැනිදාට ප්‍රථම සිය වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බාර දිය යුතුව තිබෙනවා.
කෙසේ වෙතත් මේ අතරින් 20 දෙනෙකු සිය ප්‍රකාශ බාර දී නැති අතර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ඔවුන් වෙත විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන්.
අගෝස්තු 31ට ප්‍රථම සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන මන්ත්‍රීවරුන්ට වසරකට නොවැඩි සිර දඬුවමක් හෝ මාස 12ක වැටුපකට සමාන දඩ මුදලක් අය කළ හැකි නීතිමය ප්‍රතිපාදන පවතිනවා.
ඒ අනුව එම මන්ත්‍රීවරු තව සති දෙකක පමණ කාලයක් තුළ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් මෙම නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කළ හැකි වෙනු ඇති.
ඒගොල්ලන් යයි හිරේ 😂😂😂
ඕකට දඩය රු. 2000/= යි. වැඩිය සතුටු වෙන්න එපා
අනේ මේන් කියලා දායි හිරේ.. බම්බුව තමයි
විහිළු කරන්න එපා බොලල්ල.. බඩ රිදෙනව හිනාවෙලාම ඕවට 😂😂😂
බයිලා තමයි හිරුනිකා බරපතල වැඩ සහිත සිර දඬුවම දවස් 25න් ඉවර කරගත්තේ