පුත්තලම ආසන්නයේ උත්සව ශාලාවක මංගලෝසවයකට සහභාගී වී සිටි තරුණියක් අසාත්මිකතාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
මාංශ වර්ග ඇතුළු ආහාර කිහිපයක් ඇය එහිදී ආහාරයට ගෙන ඇතැයි පැවසෙනවා. මෙසේ මරණටය පත්වි ඇත්තේ ආණමඩුව නගරයේ පදිංචි සිටි විසි හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියක් බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.
අසාත්මිකතා ලක්ෂණ හේතුවෙන් පුත්තලම මූලික රෝහලට මෙම තරුණිය ඇතුළත් කර ඇති බවත්, ඒ වන විටත් ඇය මියගොස් සිටි බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළා.