ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිදු වූ සුවිශේෂි සිදුවීම – 2014 T20 World Cup Final

2014 වසරේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිදු වූ සුවිශේෂි සිදුවීමක් සම්බන්ධයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ Ask Steven විශේෂාංගය හරහායි.

එම අවසන් තරගයේ දී පිතිකරණයේ යෙදුණු ක්‍රීඩකයින් පන්දු නොයැවූ බවත්, පන්දු යවන්නන් පිතිකරණයේ නොයෙදුණු බවත්, මෙය සුවිශේෂි සිදුවීමක් දැයි Edwin Kimberly Arockiam විසින් ප්‍රශ්න කර තිබුණා.

ඊට පිළිතුරු ලබා දෙමින් ස්ටීවන් ලෙන්ච් ප්‍රකාශ කර තිබුණේ, මෙය සුවිශේෂි අවස්ථාවක් වූවත් එය තවත් තරග තුනක දී සිදු වී ඇති බවයි.

කෙසේ වෙතත් එක්දින තරගවල සහ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගවල දී මෙවැනි දෙයක් සිදු වී නොමැති බව ද ඔහු පෙන්වා දුන්නා.

2014 වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මීපූර්හි දී පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

එම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 130ක්.

( 2014 T20 Wold Cup Final )

2014-t20-world-cup-final

( 2014 T20 Wold Cup Final )

අවසන් පන්දුවේ දී විරාත් කෝලි දැවි ගිය අතර පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණ සිටියේ පිතිකරුවන් පස් දෙනෙකු පමණයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.5ක් තුළ කඩුලු 04ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් හය දෙනෙකු පන්දුවට පහර දුන්නා.

ඔවුන් කිසිවෙකුත් පන්දු යැවීමට දායක නොවීමත් විශේෂත්වයක්.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රොහිත් ශර්මා, අජින්කෙයා රහානේ, විරාත් කෝලි, යුවරාජ් සිං සහ මහේන්ද්‍ර සිං දෝණි පන්දුවට පහර දුන්නා.

සුරේෂ් රයිනා, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජඩේජා, අමිට් මිෂ්රා, බුවනේෂ්වර් කුමාර් සහ මොහිට් ශර්මා පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් පෙරේරා, තිලකරත්න දිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, ළහිරු තිරිමාන්නේ සහ තිසර පෙරේරා පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියා.

ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, රංගන හේරත් සහ ලසිත් මාලිංග පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියේ නැහැ.

ඉන්දියාවට එරෙහිව ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, රංගන හේරත් සහ ලසිත් මාලිංග පන්දුයැවීමේ නිරත වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු යැවීමේ නිරත වූයේ සුරේෂ් රයිනා, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජඩේජා, අමිට් මිෂ්රා, බුවනේෂ්වර් කුමාර් සහ මොහිට් ශර්මා යන ක්‍රීඩකයින්.

තවත් අවස්ථා තුනක දී මෙවැනි සිදුවීම් සිදුවී ඇති බව ස්ටීවන් ලෙන්ච් අදාළ පැනයට පිළිතුරු ලබා දෙමින් කියා සිටියා.

2018/19 වසරවල ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර චෙන්නායිහි පැවැති තරගයක දී, 2022 වසරේ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර බෙල්ෆාස්ට් හි පැවැති තරගයක දී සහ 2022 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සහ නවසීලන්තය අතර පැවැති අවසන් පූර්ව තරගයේ දී මෙවැනි අවස්ථාවන් සනිටුහන් වූ බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

( 2014 T20 Wold Cup Final )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles