ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්ලජ්ජිත පරාජයක්!

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද දින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට අත්වුණේ නිර්ලජ්ජිත පරාජයක්. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගත්තේ පන්දු රැකීමයි.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් කඩුළු 7ක් දැවී ලකුණු 357ක් රැස් කරනු ලැබුවා. මෙය කණ්ඩායමක් විසින් වසරේ වාර්තා කළ හොඳම ලකුණු ගණනක් ලෙස විචාරකයන් සඳහන් කළා.

කෙසේ වෙතත් ලකුණු 358ක එම ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු එක පිට එක බිඳ වැටුණේ ඉතා ම අඩු ලකුණු සංඛ්‍යාවකින්. ඕවර් 10ක් තුළ මුල් පෙළ කඩුළු 6ක් බිඳ දැමීමට ඉන්දියා කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලබා තිබුණේ ලකුණු 14ක්.

තරඟය අවසන් වූයේ ලකුණු 55කට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුළු බිඳ දැමීමට ඉන්දීය කණ්ඩායමට හැකි වීම නිසාවෙන්. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20කටවත් මුහුණ දීමට හැකි වූයේ නැහැ. ඉන්දීය ජයග්‍රහණය ලකුණු 302කින් වාර්තා කරන්නට සමත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන දුන්නේ ලැජ්ජාසහගත පරාජයක්.

ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවූ මෙම ලකුණු 55 ක්‍රිකට් කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු මට්ටම් අතරට වැටෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles