ගුරු පත්වීම් 7500 ක්!

විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට මේ මස 16වැනිදා නව පත්වීම් ලබා දීමට නියමිතව තිබෙනවා.

මේ අතර විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළ ව භාෂා මාධ්‍ය තුනෙන් ම උපාධිධාරී ගුරුවරුන් 5500ක්, වයස 35ට අඩු උපාධිධාරීන් අතරින් නුදුරේදී ම බඳවාගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් පළ කර සිටියේ, සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය වැනි වෙනත් විෂමාචාර හා අයෝග්‍ය හැසිරීම්, පාසල් තුළට ප්‍රවේශ වීමේ සියලු අවකාශ ඇහිරිය යුතු බවත් නව පරපුර අතර ඇති විනය විරෝධී හැසිරීම්, විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය වැනි ආගමික නැඹුරුවක් සහිත ආකල්පමය හා අවබෝධාත්මක වෙනසක් හරහා වෙනස් කළ යුතු බවයි.

පාසල් පරිපාලනය සඳහා විදුහල්පතිවරයාට නිදහස තිබිය යුතු බවත් පාසල් සංවර්ධන සමිති හා ආදිශිෂ්‍ය සංගම් ඒ සඳහා අනිසි ලෙස මැදිහත්වීම නුසුදුසු වන අතර තමා එවැනි දෑ කිසි සේත් අනුමත නොකරන බව මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles