දෙමළ ලේඛකයෙකුගේ පිළිරුවක් විවෘත කෙරේ

  • යාපනය විශේෂ වාර්තාකරු

පසුගිය වසරේ අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ දෙමළ ලේඛකයෙකු වන තෙනියන්ගේ ප්‍රතිමාවක් පසුගිය දා යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ දී විවෘත කෙරුණා. පීඩිත ජනතාවගේ හඬ – තෙනියන් නම් වූ කෘතිය ද එදිනම ජනගත වීම විශේෂත්වයක්.

යාපනය මහ නගර සභා කොමසාරිස් සහ කවියෙකු වන ඊ.ටී. ජෙයසීලන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී පහන දැල්වීමෙන් අනතුරුව තේනියන් පිළිරුව සහ කෘතිය පිළිගැන්වීම මල්ලාකම් අධිකරණ නියෝජ්‍ය විනිසුරු සහ නීතීඥ එස්. දේවරාජා අතින් සිදු වුණා.

තෙනියන් නම් මෙම ලේඛකයා 1964 සිට වසර 58ක් සිය ලේඛන කටයුතු මගින් සාහිත්‍යට කළ සේවාව එහිදී ඇගැයීමට ලක් කෙරුණා. ශාස්ත්‍රාලිකයෙකු, ගුරුවරයෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ ඔහු නවකතා 14ක්, කෙටිකතා 150කට අධික ප්‍රමාණයක්, ලිපි 50කට අධික ප්‍රමාණයක්, කවි 30කට අධික ප්‍රමාණයක්, නාට්‍ය පහක් ඇතුළු විවිධ කෘති නිර්මාණය කර තිබෙන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles