පළමු LPLවෙන්දේසිය අද

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ පළමුවරට සිදුවෙන ක්‍රීඩක වෙන්දේසිය අද සිදු කෙරෙනවා. මෙයට විදෙස් ක්‍රීඩකයන් ද ඇතුළත් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කොළඹ ශැංග්‍රීලා හෝටලයේ අද පස්වරු 3ට ඇරඹෙන මෙකී වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 360ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා. එයින් 204 දෙනෙක් මෙරට ක්‍රීඩකයන් වන අතර 156 දෙනෙක් විදෙස් ක්‍රීඩකයන් වනවා.

කණ්ඩායම් 5ක් තරඟ වදින මෙවර තරඟාවලියේ දී එක් කණ්ඩායමකට ඩොලර් 500000ක් මුදලක් වැය කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. මේ අනුව ඩොලර් ලක්ෂ 25ක් ක්‍රීඩකයන් මිලට ගැනීම සඳහා හුවමාරු වන්නට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles