මනිපූර් වාර්ගික ප්‍රචණ්ඩත්වය ඉහළට – 9ක් මරුට!

ඉන්දියාවේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ ප්‍රතිවාදී ජනවාර්ගික කණ්ඩායම් අතර මෑතකාලීන ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසෙනවා. ඒ අතර ආරක්ෂක අංශ විසින් නීතිවිරෝධී අවි සෙවීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

කඳුකර පෙදෙස්වල වැඩි වශයෙන් ජීවත් වන Kuki ජනවාර්ගික කණ්ඩායමේ සාමාජිකයින් සහ පහතරට ප්‍රමුඛ ප්‍රජාව වන Meiteis අතර ප්‍රචණ්ඩත්වය මැයි 3 වන දින පුපුරා ගිය අතර, කඳුකර ජනතාව සඳහා වෙන් කර ඇති රජයේ රැකියා සහ අධ්‍යාපනයේ ආර්ථික ප්‍රතිලාභ සහ කෝටා පිළිබඳ නොමනාපය මෙයට හේතු වී ඇති බව කියැවෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා වලට අනුව, අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් පාලනය කරනු ලබන මියන්මාර දේශසීමාවේ ඇති මනිපූර් ප්‍රාන්තයේ මැයි මාසයේ ආරම්භයේ සිට මේ දක්වා අවම වශයෙන් පුද්ගලයින් 100 ක් මිය ගොස් 40,000 කට වැඩි පිරිසක් අවතැන් වී යැයි පැවසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles