යුද හමුදා ශල්‍යකර්මය ගිනස් පොතට

නුවන් හෙට්ටිආරච්චි

වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට කොළඹ යුද හමුදා රෝහලේ විශේෂ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමත්ව ඇත.

ඒ අනුව එම ශල්‍යකර්මය ගිනස් ලෝක වාර්තා අලුත් කිරීමටද හැකියාව ලැබී තිබේ.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදු කර තිබෙනවා.

ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහය ලබා දී ඇත.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී ඉවත් කරන ලද මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරය.

ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිග වේ. බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles