ලෝක තරඟාවලියක අවසන් 12ට ශ්‍රී ලංකාවත්

නුවන් හෙට්ටිආරච්චි

ලොවපුරා එළිදැක්වූ වීඩියෝ/ ඡායාරූප තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත් කළ වීඩියෝ නිර්මාණය අවසන් නිර්මාණ 12 අතරට තේරී පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් ‘Women in Aviation Multimedia Engagement Contest’ නමින් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණා.

මේ වනවිට අදාළ තරඟකාරී වීඩියෝ සියල්ල ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිල ෆේස්බුක්පිටුවට උඩුගත කර ඇති අතර ජුනි 15 දක්වා ජනතා මනාප සඳහා විවෘත කොට ඇත.

වැඩිම ජනතා ප්‍රතිචාර (Likes, Hearts etc.) ලබාගන්නා වීඩියෝව ජයග්‍රාහකයා ලෙස තෝරා ගන්නවා.

පසුව එම ජයග්‍රාහකයා ස්පාඤ්ඤයේ පැවැත්වෙන ජනප්‍රිය ගුවන්සේවා සමුළුවක් වන ICAO Global Aviation Gender Summit 2023 දී විශේෂ ඇගයීමට ලක් කිරනවා.

ශ්‍රී ලංකාව සමග තරඟවදින අනෙකුත් රටවල් 11 වන්නේ ප්‍රංශය, පිලිපීනය, ආජන්ටිනාව, ඇමරිකාව, තුර්කිය, ස්ලෝවෙනියාව, අයර්ලන්තය, සර්බියාව, කෙන්යාව, කැනඩාව සහ සීෂෙල්ස් රාජ්‍යයි..

මේ වනවිට මනාප 27,000+ අධික සංඛ්‍යාවක් ලබාගනිමින් ශ්‍රී ලංකාව පෙරමුණේ සිටිනවා.

පිළිවෙළින් ආර්ජන්ටිනාව සහ තුර්කිය දෙවන සහ තුන්වන ස්ථානවල තියුණු තරඟයක් දෙමින් රැඳී සිටියි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles