අඹ ගසකින් වැටී මැරෙයි

අඹ කැඩීම සඳහා ගස් නැගි අයෙක් එයින් ඇද වැටී මිය ගොස් ඇතැයි යාපනය පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 37 හැවිරිදි පන්ඩත්තරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන වන්නියසිංහම් රවීන්ද්‍රන් නමැති අයෙක්.

අනතුරෙන් බරපතළ තුවාළ ලැබූ පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් තිබෙනවා. යාපනය පොලිසිය වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles