ඉන්දීය ඇමැතිවරයෙකුගේ නිවසට ගිනි තබයි!

මාසයකට ආසන්න කාලයක් තිස්සෙ වාර්ගික ගැටුම්වලින් පීඩා විඳින ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉන්දීය ෆෙඩරල් රජයේ ඇමැතිවරයෙකුගේ නිවසට මැර පිරිසක් ගිනි තබා ඇතැයි පැවසෙනවා.

මනිපූර් අගනුවර වන ඉම්පාල්හි මැර පිරිසක් විසින් ඔහුගේ නිවසට කඩා වැදී ගිනි තබා ඇති බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආර්.කේ රන්ජන් සිංගේ කාර්යාලය සිකුරාදා තහවුරු කළා.

මෙයින් ඇමැතිවරයාගේ පවුලේ කිසිවකුටත් හානියක් සිදු ව නැති බව ආරංචි මාර්ග තහවුරු කරනු ලැබුවා. කෙසේ වෙතත් ඇමැතිවරයා මෝදිගේ පක්ෂයේ ඇමැතිවරයෙක් වන අතර මනිපූර් ප්‍රාන්තය පාලනය කරනු ලබන්නේද නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles