ග්‍රීසිය ආසන්නයේ සරණාගත බෝට්ටු අනතුර: 79 ක් මිය ගිහින්

බදාදා අලුයම ලිබියාවේ සිට ඉතාලිය බලා යාමට උත්සාහ කරමින් සිටියදී ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ ගිලී ගිය බෝට්ටුවේ සිටි මගීන් 104 දෙනෙකු බේරා ගැනීමට ආපදා සහන සේවා සමත් ව තිබෙනවා. ගිලී ගිය යාත්‍රාවේ පහළ තට්ටුවේ කාන්තාවන් සහ ළමුන් සිය ගණනක් සිටියේ දැ යි බලධාරීන් බිය පළ කරනවා. එසේ වී නම් එය මධ්‍යධරණී මුහුදු තීරයේ සිදු වූ දරුණුම අනතුර වනු ඇතැ යි මත පළ වෙනවා. සංක්‍රමණිකයන් උදෙසා වූ ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ මේ යාත්‍රාවේ ගමන් කළ මුළු ගණන 700 – 750ක් විය හැකි බවයි.

සරණාගත ක්‍රියාකාරීන්, සරණාගතයින් බේරා ගන්නා රාජ්‍ය නොවන සංවිධාන, සමහර යුරෝපීය දේශපාලනඥයන් සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙම ව්‍යසනය පිළිබඳ සිය කණගාටුව බෙදාගත් අතර සිටිනවා. වතිකානය මෙම අනතුර සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles