දිල්ෂාන් මධුෂංඛට කෝටි තුනක ලංසුවක්!

කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී පැවති 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වී ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුෂංඛ යි.

ඇමරිකානු ඩොලර් 20000ක මූලික ලංසුවකට ඉදිරිපත් වූ දිල්ෂාන්ට ඩොලර් 92000ක් ගෙවීමට වෙන්දේසියේ දී ඉදිරිපත්ව ඇත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසින්. මෙම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි තුනකට ආසන්න වනවා. මෙහි දී වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා වූයේ චැඩ් බෝව්ස් ය. ඒ ඇමරිකානු ඩොලර් 58000කට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles