යුද අභ්‍යාසයෙන් පසු උතුරු කොරියාව මිසයිල එල්ල කරයි

උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් කෙටි දුර මිසයිල දෙකක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව පවසයි. දකුණු කොරියානු සහ එක්සත් ජනපද හමුදා විසින් දියත් කරන ලද මිලිටරි අභ්‍යාසවලට “නොවැළැක්විය හැකි” ප්‍රතිචාරයක් ගැන Pyongyang (උතුරු කොරියා අගනුවර) අනතුරු අඟවා පැයකට අඩු කාලයකට පසුව දියත් කිරීම් සිදු කරන ලදී.

දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පැවසුවේ බ්‍රහස්පතින්දා උතුරු කොරියාවේ අගනුවර කලාපයෙන් මෙම මිසයිල දියත් කිරීම් අනාවරණය කරගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles