හොඳම විද්‍යාඥයන් සියදෙනාගෙන් 5ක් ශ්‍රී ලංකාවේ!

නුවන් හෙට්ටිආරච්චි

ආසියාවේ හොඳම විද්‍යාඥයන් සියදෙනා අතරට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 5ක් ඇතුළත් කරගෙන තිබේ.

ඒ අනුව 2023 වර්ෂය සඳහා ඊට ඇතුළත්ව තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චතුරංග රණසිංහ, මොරටුව විශ්වවිද්‍යාලයේ අෂානි සවින්දා රණතුංග, ආචාර්ය ආශා ඩිවෝස්, ආචාර්ය රොහාන් පෙතියාගොඩ සහ මහාචාර්ය චන්දන ජයරත්න යන අයයි.

මේම කලාපයේ ක්‍රීඩාවට විද්‍යාත්මක හා වෛද්‍ය දායකත්වය ලබාදීම වෙනුවෙන් විද්‍යාඥයකු වසර 4කට වරක් පිදුම් ලබන ශේක් ෆහාඩ් හිරෝෂිමා ආසියා ක්‍රීඩා වෛද්‍ය හා විද්‍යා සම්මානයෙන් වෛද්‍ය චතුරංග රණසිංහට හිමිව තිබේ.

එවැනි සම්මානයක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා ද ඔහු වේ.

කාර්මික හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය පරිසර හිතකාමී ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගැනීම සම්බන්ධව සිදු කරනු ලැබූ පර්යේෂණය හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ අෂානි සවින්දා රණතුංග මහත්මිය කාන්තා විද්‍යාඥයන්ට පිරිනමන සම්මානලාභිනියකද විය.

නිල් තල්මසුන් පර්යේෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ විද්‍යාඥවරියක වන මෙරට සමුද්‍ර ‍‍ජෛව විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩිවෝස් මහත්මිය සමුද්‍ර ක්ෂීරපායි පර්යේෂණ පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ද වෙනවා.

ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු හා ජීව විද්‍යාඥයකු හා පර්යේෂකයකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා පරිසර විද්‍යාඥයන්ට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන ලිනියන් පදක්කමෙන් පිදුම් ලැබූ මෙරට කීර්තිමත් විද්‍යාඥයෙක්ය. ඒ මහතා ලිනියන් පදක්කම දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ද වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥවරයකු වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමය මඟින් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වෘත්තීය විශිෂ්ටත්වය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් ලැබෙන ඉහළම සම්මානය වන එපෙක්ස් සම්මානයෙන් පිදුම් ලැබූ මෙරට කීර්තිමත් විද්‍යාඥවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles