එන්නතක් විස වී රටේ දරුවන් මිය යයි?

පේරාදෙනිය රෝහලේ භාවිතා කෙරෙන නිර්වින්දන එන්නතක් විස වී දරුවන් රැසක් මිය ගොස් ඇතැ යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඔහු මේ බව පවසා සිටියේ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ප්‍රශ්නයක් යොමු කරමින්.

“පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විස වෙලා දරුවෝ දෙන්නෙක් මැරිලා තියෙනවා. මීට කලිනුත් මරණ කීපයක් සිද්ධ වුණා. මේ විෂ සහිත එන්නත් ඉවත් කරනවා කියලා අපට කියලා තියෙනවා. ඒත් තවමත් ඒවා පාවිච්චි කරනවා කියලා තමයි ආරංචිය.මේ ගැන විමර්ශන කරලා පැහැදිලි පිළිතුරක් දෙන්න කියලා අගමැතිතුමාගෙන් ඉල්ලනවා.”

යනුවෙන් විපක්ෂ නායකවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles