ජාවාරම්කරුවන් සහ විදේශ රැකියා ඇමැතිට සම්බන්ධයක්?

නුවන් හෙට්ටිආරච්චි

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම ප්‍රමාද කරන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර බව විදෙස් බලය සංවිධානය පවසනවා.

ඊට හේතුව මිනිස් ජාවාරම්කරුවන් සමග අමත්‍යවරයාට ඩීල් තිබෙන නිසාදැයි ප්‍රශ්නක් තිබෙන බව ද එම සංවිධානයේ කැදවුම්කරු ජනක බලල්ල මහතා කියනවා.

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට අවශ්‍ය මුදල් නොමැති නම් රජයට එම මුදල සොයා දීමට කටයුතු කළ හැකි බවද ඔහු කියනවා..

ඇමැතිවරයාට කොන්දක් තිබේනම් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමේ කටයුතු වේගවත් කළ යුතු බව ද එම මහතා පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles