මෝදි ඇමරිකාවට: යුධ අවි ලබාගන්නදැයි චීනය දැඩි විමසිල්ලෙන්!

නුවන් හෙට්ටිආරච්චි

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී 19 රාත්‍රීයේ ඇමරිකාවට යාමත් සමග චීනය දැඩි විමසිල්ලෙන් පසු වන බව ජාත්‍යන්තර විශ්ලේෂකයන් පවසනවා.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දියානු මහා මැතිවරණයට පෙර නරේන්ද්‍ර මෝදි මෙම සංචාරය සිදු කිරීම එම විමසිල්ලට හේතුව බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මෙයට පෙර ඉන්දියානු අගමැතිවරයා ඇමරිකාවේ අවසන්වරට සංචාරයක් යෙදී තිබෙන්නේ 2016දී.

මීට පෙර කිහිපවරක්ම ඇමරිකාවෙන් ඉල්ලා තිබූ අධිතාක්ෂණික යුධ අවි සහ උපකරණ මෙන්ම නවීන බර අවි සහ උපකරණ විශාල ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට ඇමරිකාව සූදානමින් සිටිනවා.

ඊට අදාල ආරක්ෂක ගිවිසුම් ගණනාවක් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අගමැති නරේද්‍ර මෝදි අතරේ අත්සන් කිරීමට සැලසුම් කර ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එසේම ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයකටද මෙම නායකයින් දෙදෙනා මූලික එකඟතාවන් සඳහා ගිවිසුම් අත්සන් කරන බවට ද ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles