රනිල් ගාවට යන්නෙ බංකොලොත් චරිත!

සමගි ජන බලවේගයෙන් පිරිස් ආණ්ඩුව වෙත එක් වීම සිදු නොවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරනවා. එක් වූ පිරිසත් ජනතා කැමැත්තක් නැති, ජන පදනමක් නැති බංකොලොත් පිරිසක් බව ඔහු පැවසුවා.

රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ගිලෙන නැවක් බවත් ඊට ගොඩවන්නට කිසිවෙකුට පිස්සු නැති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. අනෙක් අතට ආණ්ඩුවට එක්වීම යනු පොහොට්ටුවට එක් වීම බවත් ජනතාව කිසිසේත්ම එය අනුමත නොකරන බවත් ඔහු පෙන්වා දෙනවා. ජනතාව පාරට බැස අරගල කළේ පොහොට්ටුව එළවීම පිණිස බවත් දැන් තිබෙන්නෙ ජනතා කැමැත්ත ප්‍රකාශ වන ආණ්ඩුවක් නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා. මේ බව ඔහු පැවසුවේ ඊයේ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles